Friday, January 31, 2014

ඉරණම මෙය නම්........

මා මළදාට ඇවිදින් මගෙ සොහොන     මත 

සුදුමල් කිනිත්තක් තියලා              ලස්සනට 

මා අතහැර ගියෙ ඇයි සුදු මැණික            අද

අසමින් හඩන්නට ඔබ එනවාද               සඳ 


බාලේ පටන් එකටම උන්නා                දෙන්නා 

යෞවන වියේ ඔබ හා මා ළං                      වූවා 

ඉරණම මෙසේ ලියවී ඇති බව            නොදැනා 

ඇයි ළං වුනේ ආදරයෙන් අපි               දෙන්නා

 

කළ වරදක් නැත කිසිවෙකුට             දැන

යහපත් පැතුම් අප සිත් තුළ දලු          දාන 

ඉටු නොවෙනා බව දැනගෙන ළග    ඉන්න 

වේවා හිමි සදු හට උතුම්                       පින 



Thursday, January 30, 2014

ආදර නුඹ ........................

නිමක් නැති ආදරය මා හට ලබාදී 

පියෙකුගෙ රැකවරණයද නොඅඩුව ලබාදී 

දුකට සැපට මා අසලම නිබද              රැදී

දුන් සෙනෙහසට පුදනෙමි කවි මල් ළබැදී  



දහස් ගණන් නෙත ගැටුනත් සසර  භවේ 

හිමි පෙම ඔබයි මා ඉපදෙන තුරු සසරේ

ඔබට ලියන මේ කවි මල් දම් සුහදේ 

උපහාරයකි මා පතනා සිතට        ඔබේ 



මලක් අරන් අපි හමුවුනු                     පන්සලට

ගොසින් වදිමු අපෙ පෙම රැක දෙන         ලෙසට

පින් ගත් දෙවි කෙනෙක් ඇතිනම් මේ      ලොවට 

රැක දෙනු මැනවි මගෙ හිමි සදු නිබද             මට    










Wednesday, January 29, 2014

නිවුන් සොයුරු පෙමක මහිම ...............




සොයුරු පෙමට කවි පදයක්             ලියන්නට

සිතුනා අයියේ නුබ සිහිවි                     මෙමට

නුබ නැතිදා කුමටද මට ඉසුරු                සැප

කියා කියු ඔබ සෝයූරු වේවා මට සෑම     භව

  


පැතූ ලෙසට එක මව්කුස          ඉපදිලා  

එකම දිනක අපි මෙලොවට         ආවා  

පුරුදු ලෙසම නුබ මට අයියා         වූවා  

සොයුරු පෙමට මේ උපහාරය   වේවා    

















ගිලන් වී ඇති ජිවීතේ ............................

හුදකලාවූ මගෙ ගිලන් සිත 
නුබට පෙම් බැදි අපූරුව 
තනිවෙලා මම ගිලන් ඇද මත 
ආදරය ගොලු වෙලා මගේ හිත තුල .....




යෞවනය ආදරය නොමැති මගෙ ලොව 
ගිලන් ඇද  පමණකි උරුමේ 
ආදරය යන සොදුරු මිමිනුම 

වසා ඇති මරණයේ අපූරුව ..........






                                                    

උපන් කවුරුත් මිය යනෙන බව 
බොහෝ දෙන පවසනා මුත්
ගිලන් ඇද මත දකින යෞවන
සිහින නැතිවෙද ජීවීතේ ........





උපහාර වේවා මේ කවි මල් පොකුර ඔබලාගේ කදුලට ...........................












කුසතුළ දරා දස මස් දුක් විදි          අම්මා 
ලේ කිරි  පොවා බඩගිනි නිව්වා    අම්මා 
වැටුන විටදි අල්ලා ගත්                අම්මා 
සංසාරෙම ඔබ පතනවා මම          අම්මා 
                                                       
      

ලියන්න බෑ  ඔබේ  ගුණ   කඳ නිමක්          නැති 
දරු පෙම  ගලයි ඔබේ පපුවෙන් නොපෙන් නති 
දහඩිය සුවඳ පතුරා මුලු මහත්                      ගති
උතුම්ම් පිය පදවිය ඔබ දරා                            ඇති 


















දිවියම් එලිය කල හිරු සදු දෙදෙන 
මව්පිය ගුණය සැමදා හද ලග රැදුන 
පෙන්වා ජය කණුව දිවියම සරු කරන 
බලා හිදි දිනනා තුරු ලෝකයම   

Tuesday, January 28, 2014

බොදවූ පැතුමකි නුබ මට .....................


ආදරය නුඹ -මහමෙරකි මට                                                                       
මගේ දිවියම සරසනා 
තබන්නට පිය -නොමැත අවසර                                                              
සමුගැන්ම ඇත ලංවෙලා 



                                           පැතු පැතුමන් එක්වෙලා 
                                           බිද දමලා ගියත් ඔයා 
                                           සසර  පුරාම තනිවෙලා 
                                           බලා හිදිනෙමි එනතුරා 

                                                                                     ලංව ඉන්නට 
                                                                                     ලගින් ඉන්නට 
                                                                                     පිනක් නෑ මට
                                                                                      දුරයි නුබ මේ අහස සේ 

නුබ දුරයි මේ අහස සේ .......................................

                                        

            


                                                                                          

පුදමි තුති මෙසේ ...........................


සෙනෙහස සුවදයි- නොදුටුව නමුදු ඔබේ 

මිතුරනි ඔබටයි මේ තුති පිදුම මගේ ...............................!

                                                     සිදුවි ඇති  වැරදි පෙන්නා දි පරවී යන්නට ගිය මාලතී මල් පුබුදුවා ලීම සදහා දිය බිදක් එක් කල සියලුම සයිබර් මිතුරු මිතුරියනි ඔබේ දෝතට පුදමි මේ තුති මල් මිට ............

                                                                                                             

මාලතී මල් පිපෙනා වගයි ................!



ලගින් ඉදන් බලා ඉන්න
වැරදුනු තැන් මට කියන්න
හැමදාමත් ඔබ හිදින්න  
                         
මාලතී මල් පුබුදුවන්න....................
 

               හිතේ ඇති දුක පාලුව දුරු කර ගන්න තමා මන් බ්ලොග් එකක් ලියන්නේ  , ගොඩක් ලියන්න නම් බැරි වෙයි , ජිවීතේ මරණ සහතිකේ අතේ තියන් ඉන්න මට මේක  ගොඩක් ලොකු සැනසීමක් .මේ ලියන ඒවාල වැරදි අඩුපාඩු ගොඩක් ඇති , ඒ වලට සමාවෙලා මගේ මේ පුන්චි බ්ලොග් එකේ මල් නෙලන්න එන්නයි  මේ ආරාධනා  ...........
                                          මේකට ගොඩක්  උදව් කරපු හැමෝටම  ගොඩක්  පින් .