Monday, February 3, 2014

මලකි නුඹ .............ගඟකි නුඹ ...............


මලක් වෙලා ඔබ පිපෙන්න
බඹරු වෙලා සුවද ගන්න
ගඟක් වෙලා ඔබ ගලන්න
ඉවුර වෙලා මට හිදින්න

මල් පුබුදා සුවද දෙන්න
කටු ඇති බව සිතන්න  
ගඟ ගලලා සිසිල දෙන්න
ගල් පර්වත පසු කරන්න

සුවද බෙදන මලක් වෙලා
මගෙ වත්තේ පිපී ඉන්න  
සිසිල බෙදන ගඟක් වෙලා
මගෙ ඉවුරේ ගලා යන්න
  


 

පොඩි සාදූ .............



සිදුහත් උරුමය දෝත දරාගෙන

බෝ මලුවේ පිය නගනා පොඩිසාදු

මව්පිය සෙනෙහස සිතේ දරාගෙන

සක්මන් ඇයි පොඩිසාදු …………


සෙනෙහස නැතුවද ගිහිගෙය හැරියෙ

රාහුල පරපුර ඔබගෙනි මැව්නේ…

ගුරු හිමි සමගින් දනට වඩිනුයෙ

උරුමය රැකුමද අපට කියන්නේ ……


මව්පිය සෙනෙහස නැතිද දැනෙන්නේ 

ගුරුහිමි ඇසුරෙයි නිතර සිටින්නේ

භව දුක දුරලා නිවන් දකින්නේ

පොඩිසාදු අපෙ ගම බබළන්නේ.........