Monday, February 3, 2014

පොඩි සාදූ .............



සිදුහත් උරුමය දෝත දරාගෙන

බෝ මලුවේ පිය නගනා පොඩිසාදු

මව්පිය සෙනෙහස සිතේ දරාගෙන

සක්මන් ඇයි පොඩිසාදු …………


සෙනෙහස නැතුවද ගිහිගෙය හැරියෙ

රාහුල පරපුර ඔබගෙනි මැව්නේ…

ගුරු හිමි සමගින් දනට වඩිනුයෙ

උරුමය රැකුමද අපට කියන්නේ ……


මව්පිය සෙනෙහස නැතිද දැනෙන්නේ 

ගුරුහිමි ඇසුරෙයි නිතර සිටින්නේ

භව දුක දුරලා නිවන් දකින්නේ

පොඩිසාදු අපෙ ගම බබළන්නේ.........


4 comments:

  1. මාත් මෙහෙම හිටියට පොඩි කාලෙ මහණ වෙන්නත් ආශාවෙන් හිටපු එකෙක් තමා.

    අපරාදෙ.……

    ReplyDelete
    Replies
    1. මටට් හිතුනා අර පේස් බුක් එකේ දාලා තියෙන පොටෝ එක දැක්කම

      Delete
  2. වෙලාවකට මහණ උනා නම් හොඳයි කියලා හිතෙනවා අෆ්ෆා.......

    ReplyDelete
  3. මට මේ මෑතක් වෙනකන්ම තිබුනා මහණ වෙන අදහස නම්.. දැන් නෑ, බොරු කියන්නේ මොකටද.

    කවි ටික ලස්සනයි..

    ReplyDelete