Sunday, April 20, 2014

මා රජ වූයෙමි නුඹ හිනහෙන කිරි සිහිනේ…………………..


මගේ ලේ කිරි කර පොවන්න බෑ       පුතුනේ
කුස තුළ දරාන දෝතට ගත්තේ නෑ    පුතුනේ
නුඹට හිත බැදී නුඹ ගෙන ආ             දිනයේ
මා රජ වූයෙමි නුඹ හිනහෙන  කිරි     සිහිනේ

දරුවෙකු කුස තුල දරන්න මා පින් කර      නැතුවා
පුතු දුටු දින මා දරු සෙනෙහස                     දුටුවා
නුඹෙ මෑණියන් මගේ දෝතට නුඹ              පිදුවා
හිමි නැති දරු සුරතල් මා                           ලැබුවා

ළය කිරි එරුනේ නැතත්            පුතේ
අම්මා මම වෙමි නුඹ නළවන    දෑතේ
පියා සමග සුරතල් වී හිනහෙන  තාලේ
මගේම පුතූ වී ඉපදෙන් සසර      භවේ 

10 comments:

  1. දරුවො නැති අම්මලා… අනේ මන්දා නංගි දුකයි මේවා කියවත්දි.

    ලස්සනයි පද ටික.

    ReplyDelete
  2. ස්තූතියි අයියේ , ඇත්ත තමා මේ කතාව , මං මේක ලිව්වේ මගේ යාලුවෙක් මේ වගේ සිද්ධියකට මූණ දුන්නා , ඒකයි මට මේක ලියන්න හිතුනේ , පව් ඇත්තටම

    ReplyDelete
  3. ලස්සන කවි පෙළ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට ...........ගොඩක්

      Delete
  4. වෙනස් විදියේ සිතුවිල්ලක්...... හුණු වටයේ ග්රේෂා වගේ.....

    ReplyDelete
    Replies
    1. අද කාලේ ජීවත් වන ග්රේෂා කෙනෙක්ගෙ කතාවක් මේක ............

      Delete
  5. සංවේදී කව් සිතුවිල්ලක්....
    අනේ මංද..............................................................................................
    මගෙත් යාළුවෙක් ඉන්නව මේ වගේ
    මොනා කියන්නද කියල හිතාගන්න බෑ

    ReplyDelete
  6. අගෙයි.. හැබැයි තව දුරටත් වචන තුලම ගුලි වෙන්න එපා. වචන වලින් විනිවිද දැකිය හැකි දුරක් රසිකයා රැගෙන යා යුතුමයි... ජය

    ReplyDelete
    Replies
    1. මම එහෙම කරන්නම් , ස්තූතියි කවි කියවන්න ආවට.................

      Delete