Monday, June 9, 2014

අවසන් පැතුම ………………

ආදරේ තිබුනට මහමෙර තරමට
කිසිදා එය පවසන්න එපා
සාගරේ තරමට සෙනෙහස දෙන්නට
කිසිදා නුඹ යළි එන්න එපා
මගේ මළගම ගැන දැනගත් දවසට
ඔය ලස්සන නෙතු තෙමෙනු එපා
අවසන් නින්දට මා යන අද දින
ඉකිබිද හඩමින් කදුලැලි සලනු එපා

උපදින සසරෙදි මාවම පතමින්
මා පසුපස්සෙ එන්න එපා
දුටුවත් සසරෙදි කොතැනක හෝ මා
මා දුටු බව පිළිගන්න එපා
මගේ අවසන් දින ඇවිදින් දෙණ ළග
කදුලැල්ලක් වත් ඔබ හෙලනු එපා
හඩා වැටෙන්නට සිතුවිලි ආවත්
මගේ නමින් ඔබ හඩනු එපා

නිදනා විට මා අවසන් නින්දේ
ඔබේ සුසුමින් මා තවනු එපා
දෙනෝදහක් ඇති  මගේ මළගමදා
නුවන් තෙමාගෙන හඩනු එපා
ලස්සන සිහිවී පෙර මගේ දෙතොලේ
ඔබේ ලස්සන මුව තබනු එපා
දෙණ ගෙන යන තෙක් සුසාන පිටියට
මා තනිකර ඔබ යනෙනු එපා 

11 comments:

  1. අගෙයි නිර්මාණය.........

    දිගට ම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි , දිගටම එන්න මාලතී මල් බලන්න .......

      Delete
  2. Replies
    1. මලක් පරවෙන තරම දන්නේ මලේ මල් පෙතිය
      හිතක් හැඩවෙන තරම දන්නේ හිතේ ඇති දුකය

      Delete
  3. විරහවට නිමාවක් නැති වෙයිද??

    ReplyDelete
    Replies
    1. මලක් පරවෙන තරම දන්නේ මලේ මල් පෙතිය
      හිතක් හැඩවෙන තරම දන්නේ හිතේ ඇති දුකය

      Delete
  4. අනේ මංද...
    ලියමුකො දිගටම

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මංදා කියන්නේ .........................?

      Delete
  5. සැබෑම වටිනා නිර්මාණයක්.

    "මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි" තරම්ම හිතට දැනුනා.

    විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. කවියෙක් නොවෙමි මා කවි මල් අමුණනා
      අංකුරයකි ඔබේ කවි මල් ළග මෙමා

      Delete