ආදරේ තිබුනට මහමෙර තරමට
කිසිදා එය පවසන්න එපා
සාගරේ තරමට සෙනෙහස දෙන්නට
කිසිදා නුඹ යළි එන්න එපා
මගේ මළගම ගැන දැනගත් දවසට
ඔය ලස්සන නෙතු තෙමෙනු එපා
අවසන් නින්දට මා යන අද දින
ඉකිබිද හඩමින් කදුලැලි සලනු එපා
උපදින සසරෙදි මාවම පතමින්
මා පසුපස්සෙ එන්න එපා
දුටුවත් සසරෙදි කොතැනක හෝ මා
මා දුටු බව පිළිගන්න එපා
මගේ අවසන් දින ඇවිදින් දෙණ ළග
කදුලැල්ලක් වත් ඔබ හෙලනු එපා
හඩා වැටෙන්නට සිතුවිලි ආවත්
මගේ නමින් ඔබ හඩනු එපා
නිදනා විට මා අවසන් නින්දේ
ඔබේ සුසුමින් මා තවනු එපා
දෙනෝදහක් ඇති මගේ මළගමදා
නුවන් තෙමාගෙන හඩනු එපා
ලස්සන සිහිවී පෙර මගේ දෙතොලේ
ඔබේ ලස්සන මුව තබනු එපා
දෙණ ගෙන යන තෙක් සුසාන පිටියට
මා තනිකර ඔබ යනෙනු එපා
අගෙයි නිර්මාණය.........
ReplyDeleteදිගට ම ලියන්න...
ගොඩක් ස්තූතියි , දිගටම එන්න මාලතී මල් බලන්න .......
Deleteහ්ම්ම්ම්
ReplyDeleteමලක් පරවෙන තරම දන්නේ මලේ මල් පෙතිය
Deleteහිතක් හැඩවෙන තරම දන්නේ හිතේ ඇති දුකය
විරහවට නිමාවක් නැති වෙයිද??
ReplyDeleteමලක් පරවෙන තරම දන්නේ මලේ මල් පෙතිය
Deleteහිතක් හැඩවෙන තරම දන්නේ හිතේ ඇති දුකය
අනේ මංද...
ReplyDeleteලියමුකො දිගටම
ඇයි අනේ මංදා කියන්නේ .........................?
Deleteසැබෑම වටිනා නිර්මාණයක්.
ReplyDelete"මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි" තරම්ම හිතට දැනුනා.
විශිෂ්ඨයි.
කවියෙක් නොවෙමි මා කවි මල් අමුණනා
Deleteඅංකුරයකි ඔබේ කවි මල් ළග මෙමා
අඩන්න එපා අනේ...
ReplyDelete