Showing posts with label පිපෙනා කවි මල් .......... Show all posts
Showing posts with label පිපෙනා කවි මල් .......... Show all posts

Monday, June 9, 2014

අවසන් පැතුම ………………

ආදරේ තිබුනට මහමෙර තරමට
කිසිදා එය පවසන්න එපා
සාගරේ තරමට සෙනෙහස දෙන්නට
කිසිදා නුඹ යළි එන්න එපා
මගේ මළගම ගැන දැනගත් දවසට
ඔය ලස්සන නෙතු තෙමෙනු එපා
අවසන් නින්දට මා යන අද දින
ඉකිබිද හඩමින් කදුලැලි සලනු එපා

උපදින සසරෙදි මාවම පතමින්
මා පසුපස්සෙ එන්න එපා
දුටුවත් සසරෙදි කොතැනක හෝ මා
මා දුටු බව පිළිගන්න එපා
මගේ අවසන් දින ඇවිදින් දෙණ ළග
කදුලැල්ලක් වත් ඔබ හෙලනු එපා
හඩා වැටෙන්නට සිතුවිලි ආවත්
මගේ නමින් ඔබ හඩනු එපා

නිදනා විට මා අවසන් නින්දේ
ඔබේ සුසුමින් මා තවනු එපා
දෙනෝදහක් ඇති  මගේ මළගමදා
නුවන් තෙමාගෙන හඩනු එපා
ලස්සන සිහිවී පෙර මගේ දෙතොලේ
ඔබේ ලස්සන මුව තබනු එපා
දෙණ ගෙන යන තෙක් සුසාන පිටියට
මා තනිකර ඔබ යනෙනු එපා 

Sunday, June 1, 2014

නුඹ...................

නුබ ගැබ වී නුඹ
කදුලු දරා සිටිනා
මිහිකත වී හිද
සිහිල දරා සිටිනා

පන්හිද වී නුඹ
fm%auh කවි කරනා
තනුවක් වී හිද
ආදර කවි ගයනා

fm%auh වී නුඹ
ආදර ලොව සදනා
දෙවියන් වී මගෙ  
හද දෙවොලේ සරනා

Monday, May 26, 2014

ආදරය


හන්තානය අදුරේ ගිලී
මන්දාරම් සීත නැගී
මැයි මල් විසිරිලා
වසන්තයේ මල් හීනය
 අරන් ඇවිල්ලා

දේදුන්නක් වගේ  නැගී
හිත් අහසට එළිය දිදී
පිණිමල් විසිරීලා
ආදරයේ නැවුම් සුවද
අරන් ඇවිල්ලා

කුරුලු සරින් ගිගුම් දිදී
හදවත ලග සිනා සිසී
පෙම් මල් විසිරීලා
ආදරයේ පළමු පැතුම

අරන් ඇවිල්ලා

Tuesday, May 20, 2014

කපුකම ...............

ගමයා බැලුවා ඇවිත් වට පිට
හාමිනේ නෑ පෙනෙන්නට  අද
කෝහේ ගිහින් මේ  යොදි ඇත්තට
කතා කරලා බලමු හනිකට

“හාමිනේ …………………
හාමිනේ …………

මෙහෙට එන්නකෝ  හාමිනේ ……”


“ඇයි වදේ ………
ඇයි වදේ ………….
මම මෙහෙ ඉන්නවා ………….”





“දොඩම් ගහේ සිට  කපුටා හඩන්නේ
කපුවා නොවැ  අර ඈත ඇදෙන්නේ”
කියමින් ගමයා
පෙන්වයි ගම්මැද

“අනේ ඇත්තට කපුටා  හැඩුවට
කපුවා ඒවිද අපේ  ගෙදරට”
කියා ගමයට
හාමිනේ යයි
යලිත්ආපිට  
                          


“මොකද අම්මේ  කවුද එන්නේ ”
ඈත මෑතත් දෙනෙත් යොමමින්
අසයි ගම දෝණී ………..


රන් එතනා නම ඇගේ
ගම මහගෙගේ පණ වගේ
ලස්සන සුදු මුව ඇගේ
පසලොස්වක සද වගේ

නාඹර රන් තැඹිලි
පරදී  ඇගෙ රුවිනි
නා දලු වැනි තොලිනි
කවි පද වැල් ගෙතිනි

මෙවන් රුවැති  ගැමි ලියක්
නැති හින්ද ඇගෙ ගමේ  
රන් එතනව මව රකී
නිසි වයස්  එළඹෙන තුරුත්

නිසි වයස් එළඹිලා
දැන් බොහොකල්‍ය
ඇගෙ අත ගන්න
තරුණෙක් තාමත්
නැද්ද……………

                                                    රන් එතනට සහකරුවෙක්
                                                    කපුවා හොයන් එන හින්දලු
                                                     ගමයා පාර බලන්නේ
                                                     හාමිනේට කෑ ගසමින්
                                                      පාර බලන්නේ………..



“හාමිනේ හාමිනේ
අන්න කපුවා මෙහෙට එනවා
හනික එන්නකෝ හාමිනේ ”

“ආයුබෝවන් ආයුබෝවන්
මෙහෙන් එන්නකෝ
මෙහෙන් එන්නකෝ
ඔන්න  ඔතනින් කුඩේ  තියලා
පහසු විදිහට ඈදී ගන්නකෝ ”

“ඔන්න හාමිනේ කියපු  විදිහට
හොදම මගුලක් ගෙනාවා මං
හරකා බානද  වතුපිටිද  ඇත
උඩරටිනි මේ මුදලි මහතා ”

“අනේ ඇත්තට වාසනාවන්
අපේ දෝණිට වාසනාවන්
කන්නකෝ තව කැවුම් කොකිසුත්
කුසගිනිත් ඇති නොවැ ඉතින් ”

“හැබැයි රාලේ එකම එක කරුණක්
හිටියනේ පරහට අනේ  වුන විපතක්
තරහ අවසර දෙන්නගෙන් මට
කියන්නද  මම ඒ කරුණ අද ”

“මොකක් කිව්වා රාලේ පරහක්
කියාපන් බොල කියපන් අද
මිල මුදල් සම වේද දෝණිට
කියාපන් ඔය කරුණ විගහට”

“මෙන්න මේකයි  කරුණ ගමරාලේ
මුදලි මහතා ටිකක් කොරයෙකි
සල්ලි බාගෙට කොරෙත් යටවෙයි
ගමදෝණිටත් කිරිම උතුරයි”

“මොකක් කිව්වා කොරයි කිව්වා
හැබෑටම උඹ මත් වෙලාවද
කොරෙක් හෙව්වද මගෙ දෝණියට
 බැහැල පලයන් ගෙයින් එළියට ”

“අනේ පව් කිය කියා හෙව්වට 
කෙලෙහි ගුණයක් නෑනේ උඹලට
රූපයත් යයි දිරා වයසට
දෝණි තනිවෙයි උඹලා නැති කල ”

“අනේ උඹගේ කරුණාව දැක
සැකක් හිතුණා මටත්  උඹ ගැන
සල්ලි කීයක් මිට මෙලෙව්වද
මගේ දෝණිට වින කරන්නට ”

“රුවින් අගනා මගේ දෝණියට
සල්ලි බාගේ නැතත් ඉහළට
මහ බඹා කොටා ඇත්තේ නළලට
කොරෙක් වෙන්නේ මෙයද  ඉරණම ”

ගමදෝණි ආවා මිදුලටම
ගිහින් වැන්දා මාපියන් පය
“අනෙ අම්මෙ අනෙ තාත්තේ
තවත් මගුලක් එපා මට නම්
තනිව ඉන්නම් මියෙන තුරු මම
අම්මා තාත්තා ඉන්නේ මා හට ”

“එහෙම කොහොමද කරන්නේ අප
අපිට  ඉන්නෙ දුව විතර කොට
කොහොම ඉන්නේ අපි නොමැති කල ”
කියා හැඩුවා මා පියන් නෙත

අසා අසරණ  මාපියන් හඩ
කම්පා වුණි සක්දෙවිදු හද 
මැවුණි ලස්සන තරුණ මිනිසෙක්
ගම දුවගෙ අසලින්ම පින්බර


කපුවා දිව්වා හිස් හැරුණු අත
ගම පවුලේ පින් මහිම  දැක
“ගත්තු මුදලට මෙහෙම කෙරුවේ
අනේ දෙවියනි සමා වෙන්නේ ”

අපේ හදවතේ දුක බලාලා
කුමරු එව්වා දුවව දැකලා
මෙසේ සිතමින් හරිම සතුටින්
දුවට දුන්නා මගුල කරලා  ............