Thursday, January 30, 2014

ආදර නුඹ ........................

නිමක් නැති ආදරය මා හට ලබාදී 

පියෙකුගෙ රැකවරණයද නොඅඩුව ලබාදී 

දුකට සැපට මා අසලම නිබද              රැදී

දුන් සෙනෙහසට පුදනෙමි කවි මල් ළබැදී  



දහස් ගණන් නෙත ගැටුනත් සසර  භවේ 

හිමි පෙම ඔබයි මා ඉපදෙන තුරු සසරේ

ඔබට ලියන මේ කවි මල් දම් සුහදේ 

උපහාරයකි මා පතනා සිතට        ඔබේ 



මලක් අරන් අපි හමුවුනු                     පන්සලට

ගොසින් වදිමු අපෙ පෙම රැක දෙන         ලෙසට

පින් ගත් දෙවි කෙනෙක් ඇතිනම් මේ      ලොවට 

රැක දෙනු මැනවි මගෙ හිමි සදු නිබද             මට    










4 comments:

  1. ලිවීමේදී එළි සමය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න (මම කියන්නෙ පොස්ටුවේ නැතුව කවි වල නම් නෙවි )

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට හිස නමා ගරු කරන අතර , නවකයෙකු වන මා අතින් සිදුවන වැරදි වලට සමාවන ලෙස ඉල්ලා සිටිමි .

      Delete
  2. ඔයාගෙ ආදරේ දේවියො අනිවාර්‍යෙන්ම රැකදේවි. ඒක මට විශ්වාසයි.

    ReplyDelete
  3. දෙවියොත් නෑ මගේ ලොකේ අරගෙන වරම් ..............

    ReplyDelete