ඉරණම මෙය නම්........
මා මළදාට ඇවිදින් මගෙ සොහොන මත
සුදුමල් කිනිත්තක් තියලා ලස්සනට
මා අතහැර ගියෙ ඇයි සුදු මැණික අද
අසමින් හඩන්නට ඔබ එනවාද සඳ
බාලේ පටන් එකටම උන්නා දෙන්නා
යෞවන වියේ ඔබ හා මා ළං වූවා
ඉරණම මෙසේ ලියවී ඇති බව නොදැනා
ඇයි ළං වුනේ ආදරයෙන් අපි දෙන්නා
කළ වරදක් නැත කිසිවෙකුට දැන
යහපත් පැතුම් අප සිත් තුළ දලු දාන
ඉටු නොවෙනා බව දැනගෙන ළග ඉන්න
වේවා හිමි සදු හට උතුම් පින
ස්පීඩ් එක වැඩියි රෝසි... එක පාර දාන්න එපා.. දවස් දෙකකට එකක් විතර දාන්න. ඕන තරං ලියල ඩ්රාෆ්ට් එකේ තියාගන්න.. එහෙම හොදා මං හිතන්නේ...
ReplyDeleteමේ ටිකේ විතරයි දාන්න වෙන්නෙ , ඒකයි , සමහර විට අද දාන පොස්ට් වලට පස්සෙ පෝස්ට් දාන්න සති තුනක් වත් යයි .
Deleteඑහෙමනං සතියට එකක් දෙකක් වැටෙන විදිහට සෙඩූල් කරන්න
Deleteඔව් අයියා මම එහෙම කරන්නම් , ගොඩක් ස්තූතියි මාලතී මල් සුවද විද ගන්නට ආවට ..........
Deleteපද ටික මේ තරම් හිතට දැනෙන්නෙ වදන් භාවිතය සරල නිසාද? හදවතින්ම ලියවෙන නිසාද?
ReplyDeleteහදවතින්ම තමා ලියවෙන්නේ අයියා .....
Deleteලස්සනයි රෝසී.. ටිකක් ඉදලා දාන්න,අපරාදෙනේ ..
ReplyDeleteමේ ටිකේ විතරයි ලියන්න වෙන්නෙ අක්කා . ඒකයි පෝස්ට් ටිකක් එකපාර දැම්මේ , ඔයාට ගොඩක් ස්තූතියි මේ පැත්තට අවාට අක්කා .
Deleteතව තවත් කවි සම්බන්ධ බ්ලොග්ස්, කවි සම්බන්ධ පලවූ විචාර ලිපි කියවන්න. ඔබට ජය පතමි!!
ReplyDeleteකවියක ගුණ දොස් මා හට කීව , සොයුර ඔබට පුදනෙමි මාලතී මල් මිටක් මම
Deleteඅපූරුයි !
ReplyDeleteගොඩක් ස්තුතියි සෑම් අයියේ මේ පැත්තට ඇවිත් ගියාට .
Delete