Tuesday, March 25, 2014

රැක ගනු මැන දෙවියනි දරු දෙන්නා ………………………!

සොදුරු යොවුන් වත වැහැරිලා
පැතු පැතුමන් බොදවිලා 
ආලයේ උමතුව ඈ රිදවා 

කුස තුල නලියයි දරු පැටියා 



මල් මල් ලෝකය ඈ හට පෙන්නා 
සිල් ගත් තවුසා මල් මත රොන් ගන්නා 
ආලය මෙතරම් සොදුරුයි සිත් ගන්වා 

දරු ගැබ මෝරයි හද තුළ දුක් නැත නිම්මා 



යුවතිය කෙතරම් අසරණදැයි සිතුනා 
මිනිසුන් ගරහයි දුටු තැන ඇය පන්නා 
සුවදැති කැකුළක් අකලට පරවෙන්නා 

රැක ගනු මැන දෙවියනි දරු දෙන්නා   

3 comments:

  1. රැක ගනු මැන දෙවියනි දරු දෙන්න.....
    සංවේදි පද ගෙත්තමක්...
    අපූරුයි

    ReplyDelete