Tuesday, April 22, 2014

ලෝකේ පළමුව බුදුන්ට විවරණ දුන් අම්මා .............................

ගමට කලින් හිරු මුලුතැන් ගෙට        වඩිනා
ඒ හිරු එලියේ නැණ මල් පොඩි         පිපුනා
ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව        ගෙනෙනා
කලා වැවේ නිල්  දියවර අපේ            අම්මා 
                                         කලා වැව රජරට වියළි බව දුරු කරන්නා සේම අපේ අම්මා ඉරි තලා  වැටුණු අප ජීවීතය සරුසාර කරනා සුනිල දිය දහරයි . දස මාසයක් කුස තුළ දරාගෙන , රතුවන් රුධිරය සුදු කිරි බිදකට හරෝලා තමන්ගේ දරුවාගෙ කුස ගින්න නිවන්න අම්මා තුළ තියෙන සෙනෙහස හරිම පුදුමාකාරයි . ඒ සෙනෙහස රන් රීදී මිල මුදල් වලින් මිල කරන්න බැරි තරම්  සම්පතක්.  
                                             මේ අම්මා කියන උතුම් පදවිය දරන්න පුලුවන් ආදරණීය අම්මට මේ ලොකේ දරුවන් වෙනුවෙන් කැප කරන්න බැරි කිසිම දෙයක් නැහැ.අන්න ඒකයි අම්මා කියන පදවියේ ඇති සුවිශේෂී තාවය.තාත්තා ගේ සෙනෙහසත්  උතුම්. ඒත් අම්මා තරම් දරුවන් ගැන හිතන , දරුවන් මත්තෙහි තම බලාපොරොත්තු වටකොට ඇති වෙන කිසිම කෙනෙක් මේ මිහිපිට නෑ . 
                                 අපි  සෑම දෙනාම අපේ අම්මට  ආදරෙයි . ඒක අපේ ලේ වලින්ම එන බැදිමක් . ඒ බැදීමේ ශක්තිමත් බව කියන්නේ  අම්මා කවදාවත් අපිට  නොමග යන්න දෙන්නේ නැහැ . අම්මා තමා අපේ මුල්ම ගුරුතුමිය වෙන්නේ , හොද නරක වෙන්කරලා අපිව යහමග යවන්න මුල්ම අඩිතාලම දාන්නේ අම්මා . මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා කියන  උතුම් ගුණ වලින් පරිපූර්ණ වූ අපේ අම්මා ගෙදර බුදුන් වුනා , ලෝකයේ දෙවෙනි බුදුන් වුනා . ලෝකය ඉදිරියේ වැරදී කාරයන් වෙන බෝහෝ දෙනා අම්මගේ හදවත නැමැති ජූරීයේ ඉදිරියේ හැමදාමත් නිවැරදිකරුවන් වෙනවා .
                                                                         මොහොතකට සිතන්න
අපි අද ලස්සනට ජීවත් වෙලා ඉන්නේ අපේ අම්මා අපි ඉපදුන දවසේ ඉදලා අපේ කැත කුණු අතගාලා, අත පය නොකඩා  මලක් වගේ අපිව හදාපු හින්දයි .අන්න ඒ තරම් ආදරයෙන් අපිව හදාපු අම්මව කවලා පොවලා රැක බලා ගන්න බැරි නම් අපි රජවෙලා උන්නත් වැඩක් නෑ .අද සමාජයේ ඉහළ පැළැන්තිවල ඉන්න දරුවන්ගේ අම්මලා එක්කෝ ඒ දරුවන්ගෙම වැඩකාරී වෙලා , නැත්තම් නිවසින් පිටමං කරවලා .දරුවෝ තරුණ වෙලා ලස්සනට ඉද්දී අම්මලා වයසට යන එක මේ ලෝක ස්වාභවය .ඒත් දරුවෝ හිතන්නේ තමන්ගේ  තත්ත්වයට තමන්ගේ වයසක අම්මා බාධාවක් කියලා , අපේ අම්මත් අම්මගේ තරුණකම ලස්සන බලලා අපිට කිරි ටික නොදී හිටියනම් අපි අද මොන තනතුරවත් දරන්න මේ ලොකේ ජීවත් වෙන්නේ නෑ නේද? 
                 මුහුදේ නැව ගිලුන කලට බෝසත් තම    අම්මා
                 දෑතේ කරපිට හිදුවා පීනා ගොඩ              දැම්මා 
                 ඒ දේ කර පැතූ ලෙසට මම මතු බුදු        වෙම්මා
                 ලෝකේ පළමුව බුදුන්ට විවරණ දුන්       අම්මා 
                                                බුදු හාමුදුරුවන්ටත් බුදු වෙන්න පළමු විවරණ දුන්නේ අම්මා , අම්මාගේ ගුණ කද මේ අකුරු දෙක තුනකින් ලියලා ඉවර කරන්න බැහැ .ලෝකයේ ජීවය  රදා පවතින්නේ හිරුගේ කිරණෙනුයි , මවගේ කිරි වලිනුයි . අම්මගෙන් බීපූ ඒ කිරි බිදකට ණය ගෙවන්න අපිට මේ සංසාරෙදි හැකි වන්නේ නැහැ ,අම්මගේ සිත නොරිදා , ඇගේ ලෝකයේ වීරයන් වීම දරුවන්ගේ යුතුකමක්  වෙනවා .



“හඩනා කිරි දරුවෙකු දුටු විට දී  -ගැලුවා රතුලෙය සුදු වී.”                                අන්න ඒකයී අම්මා  කෙනෙක්ගේ ආදරය කියන්නේ ,ඒ උත්තරීතර වූ මව් සෙනෙහසට  මාගේ මේ කෙටි සටහන උපහාරයක්ම වේවා…………….                                                 

3 comments:

  1. හ්ම්ම් අවංක අදහස කියන්නම්.

    සෙනහස හදුරන සැබෑ මවුවරුන්ට මෙය උපහාරයක්ම වේවා……!!

    ඔබ කිව්වා වගේම අතිශය බහුතරයක් වූ සැබෑ මව්වරුන්‍ට උපහාරයක්ම වේවා……!!!

    ReplyDelete
  2. ඔව් , අපේ අම්මලා ගොඩක් දෙනෙක් තමන්ගේ දරුවන්ට හරිම ආදරෙයිනේ , අන්න ඒ අම්මලට උපහාරයක් වෙන්න තමා මේක ලිව්වේ , ස්තූතියි අදහසක් දුන්නට අයියේ ............

    ReplyDelete
  3. රබර් කට්ටියේ
    ඇවිදලා වෙහෙසිලා
    ඒ වුණත් ළගට විත්
    මා වඩං ආදරෙන්
    තුරුලු කර සෙනෙහසින්
    ඔබයි දුන්නේ
    සතුට දුක සගවලා
    ඔබට මම ණය ගැතිය
    සසර වසනා තුරා

    ReplyDelete