Thursday, April 24, 2014

සිතුවිල්ලකි ඔබ කිසිදා මට හමු නොවුන …………………

දෛවය සරදම් කළ තරම
ආදරයත් හිමි නෑ මෙමට
සිහිනෙන් මට පෙනෙනා ඔබව
හිමිවෙන්නේ නැතිදෝ සසර

ගත සිත දුබලව මිලාන වී යනවා
අවසන් මොහොතේ ඔයාව සිහිවෙනවා
ඔය ලස්සන රුව මගේ සිත කළඹනවා
පියවෙන නෙත් යුග කදුලින් තෙත් වෙනවා

මියයන හදවත ඉකිබිදිනා හඩ අහගෙන ඉන්න
කවුරුත් නෑ මට මගෙ හදවත පුද දුන්න
සිත තුළ ඉන්නේ ඔබ පමණයි මා දන්න
සිතුවිල්ලකි ඔබ කිසිදා මට  හමු නොවුන 

20 comments:

  1. ලස්සනයි පද ටික දුක කියන එක පද වලට පෙරලන එකත් ලොකු දක්ෂ කමක් /

    ජයවේවා!!!!!!

    ReplyDelete
  2. හැබැයි ඉතිං මේ කවි ටික කියෙව්වම කුමාරයෝ හොයාගනෙ ඒවි සූ ගාලා.. ඔව් ඉදගෙන...

    ReplyDelete
    Replies
    1. හිටගෙන අවොත් එහෙම අවුල් ද දන්නෙ නෑනේ :D

      Delete
    2. ඉදගෙන එන්නෙ කොහොමැයි දේශෝ?? :)

      Delete
    3. දේශා කියන්නෙ අබ්බගාතයෙක් ගැන බන්සලා......
      පවූ.......මේ ළමය......දේශා කිව්වොත් කියන්නෙ අවකැපෙන ටෝකක්...

      Delete
    4. හිටගෙන හරි ඉදගෙන හරි එන්න කුමාරයෙක් නැති එකනේ මෙතන තියෙන අවුල අයියේ .......

      Delete
    5. පඹ කුමාරයෙක් හිටියා අපේ හේනේ එවන්නෙයි...

      Delete
    6. පඹයා හොදයි මිහිමත කොල්ලන්ට වඩා

      Delete
  3. කවදා හරි ඔහු හමු වේවි…!! අනිවාර්‍යයි. එතෙක් නොසැලී ඉන්න……

    බ්ලොගේ වෙනස් කරලා නොවැ. ලස්සනයි දැන්. :)

    ReplyDelete
    Replies
    1. ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඒ දෑසම් මා සොයන තරම් ......... ටිකක් වෙනස් කරන්න හිතුනා අයියේ බ්ලොග් එක , ස්තූතියි

      Delete
  4. වෙලාව ආවම හමුවේවි.. ඉවසන් ඉන්න දරුවා..

    ReplyDelete
    Replies
    1. මගේ වෙලාව එච්චර හොදයි කියල මන් නම් හිතන්නෙ නෑ අයියේ

      Delete
  5. ලස්සන අදහසක්...
    ජයවේවා!!

    ReplyDelete
  6. ඔහොම හොටු පෙරන්නෙ නැතිව කරන්න නම් වැඩ තිබෙනව ......
    ඕන්නම් කියල දෙන්නම්....

    ReplyDelete
    Replies
    1. කියන්නකෝ බලන්න අයියේ ..... මැරෙන්න කලින් ආදරය කරන්නත් එපැයැ .........

      Delete
  7. \\සිතුවිල්ලකි ඔබ කිසිදා මට හමු නොවුන //

    දැන් පෝලිමේ එන්න ගත්තමනෙ වැඩේ.

    අදයි මෙහෙට ආවෙ.. සුබ පතනවා ඔබේ නිර්මාණ දිවියට.

    ReplyDelete
    Replies
    1. එහෙම් එයි කියලා මට නම් සුවර් එකක් නෑ , ඔයා ආපු එකට නම් ස්තූතියි , දිගටම මාලතිමල් නෙලන්න එන්න කියලා ආරාධනා කරනවා .

      Delete
  8. මනෝමය ප්‍රේමයක්....... ලස්සනයි.....

    ReplyDelete