Wednesday, April 9, 2014

පුතුනේ ඇවිත් යන්න……………………………



ඉපදුන දා නුඹ මැණිකක් ලෙසට  සිතා 
දුක් කරදර වින්දා මා නුඹ රජකම් කරයි  සිතා 
ලේ කිරි වී නොම එරුනත් පපුව  පුරා 
පිය සෙනෙහස දුන්නා මගේ දෝත  පුරා 

දා බිදු වගුරවා නුඹ රැක ගත්තු හැටී 
අම්මා නැතුව නුඹ නලවා ගත්තු හැටී
උගතෙකු වෙලා නුඹ ලෝකය දිනුව හැටී 
දුප්පත් පියා අමතක කර දැමුව  හැටී 

මගේ තුරුලේ නැලවී උන්  මගෙ පුතු  රජවීලා
පිය සෙනෙහස දෝරේ ගලයි තනිකම  සිහිවීලා 
මහලු මඩමේ මහලු බවට නෑ තනියක්  දැනීලා 
පුතුනේ ඇවිත් යන්න බැරිද මගේ තනිකම  මකාලා 

8 comments:

  1. Replies
    1. ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට ...............

      Delete
  2. තාත්තා කෙනෙක් විදිහට හිතට ගොඩක් දැනුනා නංඟි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ,ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට ...............

      Delete
  3. හ්ම්ම්ම්ම්..... සිතට වදිනව තදින්ම පිරිමින්ට.......
    සුපිරි.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට ............... ,

      Delete
  4. අම්ම නම් කිව්වේ මැනලද පුතේ කිරි දුන්නෙ මං නුඹට......

    ReplyDelete
    Replies
    1. අම්මගෙයි තාත්තගෙයි තියෙන එකම වෙනස ඕක තමා යාලු.............

      Delete