Thursday, May 1, 2014

ආදරණීය නොරිකෝ ගෙන් ………………

සුළං රොදක් සේ
නොසිතු මොහොතක
මිදොරි අවන්හල
පැද්දෙන දොර අතරින්
දෙවෙන්දොරාසං
අතරමන්ව ඔබ ආවා
සුළං රොදක් සේ ඔබ ආවා
තතමි මැදුර මත
දණින් රැදි
සියුමැලි යනගි රිකිල්ලක් සේ
ඔබට නැමි
එනමුදු හදුනාගනු බැරිවී
ජීවීතයෙන් පැන යන්නට ගියදා
නේබුරු දොඩම්
ටිකක් තොල රැදවු
මා සිහි වෙද කවදා
යළි ඔබ ඒනම්
මළවුන්ගේ අවුරුදු දා
මළගිය ඇත්තන් නැරඹිමට
මා මෙහි එනවා
ඔබ නිදි සොහොන්  බිමේදී
සුබකි  මලක් අතරදවා
යලි හමුවේවා සයොනාරා ...........!   

6 comments:

  1. සදාතනික ආදර අන්දරය..

    ReplyDelete
  2. ලස්සනයි
    පහුගිය දවසකත් මීට සමාන එකක් කියෙව්ව කොහෙන්ද මංද

    ReplyDelete
  3. ඔබ නිදි සොහොන් බිමේදී
    සුබකි මලක් අතරදවා
    යලි හමුවේවා සයොනාරා ...........!

    ආදරය කවදාවත් ඇති වෙන්නේ නෑ.එකයි නිතරම හිත ආදරේම හොයන්නේ...
    ලස්සන පද සංකල්පනාවක්...

    ReplyDelete
  4. මේ ලෝකේ ඇත්තේ යම් සහ ඊම් පමණි.....

    ReplyDelete