Monday, May 26, 2014

ආදරය


හන්තානය අදුරේ ගිලී
මන්දාරම් සීත නැගී
මැයි මල් විසිරිලා
වසන්තයේ මල් හීනය
 අරන් ඇවිල්ලා

දේදුන්නක් වගේ  නැගී
හිත් අහසට එළිය දිදී
පිණිමල් විසිරීලා
ආදරයේ නැවුම් සුවද
අරන් ඇවිල්ලා

කුරුලු සරින් ගිගුම් දිදී
හදවත ලග සිනා සිසී
පෙම් මල් විසිරීලා
ආදරයේ පළමු පැතුම

අරන් ඇවිල්ලා

9 comments:

  1. ලස්සනයි...
    වෙනද වගේම දැනෙන්න ලියල තියෙනව...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ , ආයේ එන්න මේ පැත්තට ....., ඔයාගේ බ්ලොග් එක කියෙව්වට අදහස් දාන්න වෙලාවක් නෑ අයියේ , එත් ඔයාගේ පෝස්ටු හරි ලස්සනයි

      Delete
  2. //හන්තානය අදුරේ ගිලී
    මන්දාරම් සීත නැගී//

    මේකේ තේරුම කුමක්ද???

    ReplyDelete
    Replies
    1. මේකෙන් කියවෙන්නේ වැස්ස වහින්න පෙර අදුර එක්ක එන සීතල වගේ , ආදරයක් දැනෙන්න කලින් හිතක ස්වාභාවය .

      Delete
  3. මේකත් බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා නම් නෑ මයෙ හිතේ.

    පද ටික ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අයියේ ඔයාට පුලුවන් නම් මේක හදා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ , ස්තූතියි මෙහෙට ආවට.

      Delete
  4. අදයි මේ ඉසව්වට ගොඩ වැදුණේ. ඔන්න ෆලෝ කළා දැන් එන්නං හැමදාම
    - නලින් දිල්රුක්ෂ

    ReplyDelete
  5. ඔන්න නඟෝ ඔයාගෙ මේ පෝස්ට් එකනම් මගේ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා. මං හිතන්නෙ ඔයා ඒ කීව අවුල දැන්නම් හරි වගේ නේද?

    නිර්මාණයනම් බොහොම ලස්සනයි. ජය වේවා!!

    ReplyDelete
  6. ලස්සනයි, වෙනදා වගේම..

    ReplyDelete