Tuesday, May 6, 2014

හෙට …………….

පහන් කණුවේ එළිය අඩුවී
සිහින් මීදූම ගලා එද්දී                                   
ගත සිත වෙව්ලන
සීතල නොතකා
කුණුකෙළ බේරේන මුවගින්
හීන් හිනාවක් බිමට හලා
අවදි විය ඔහු
තවත් දවසක
කුසගින්න හා සටන් කරන්නට
වැහැරුණ දෙතනින්  කිරි උරනා
නැගණිය දැක
කම්පාවුණි ඔහු මෙදිනද
අම්මෙ මටත් බඩගිනියි
කියන්නට මුව අරින්නේ
කෙලෙසක ඔහු
වියළි දර ඉපලක් වැනි
මවගේ  සිරුර දැක
කදුලු කැටවත්
ගලන්නේ නැත
සිරුර වේලි  ඇති
තරම දැක
මවත් නැගණිය කැටුව
යන්නට සිතුණි ඔහු හට
විසල් මැදුරක
මෙහෙකරුව හෙට....                                     












               




7 comments:

  1. මේ අසරණ ජීවිත වලට මේ ලෝකෙන් ඉඩක් කවදනම් වෙන්වෙයිද?

    ReplyDelete
  2. මේ කවියේ වචනාර්ථය පමණය් ඔබ දැක ඇත්තේ.. ව්‍යංගාර්ථය හා කුළු ගැන්වීම කවි වල බහුලව තිබිය යුතු යැයි සිතමි... ජය වේවා

    ReplyDelete
  3. මොනවා කියන්නද? මේවා වෙනස් කරන්ට බැරි නම්.

    ReplyDelete
  4. කවදාවත් වෙනස් නොවෙන කටුක යතාර්ථය..

    ReplyDelete
  5. අදහස විශිෂ්ටයි... ඒත් දුර්වල පද ගැල පීමක් තව ටිකක් ඉවසුව නං මීට වඩා දෙයක් කරන්න තිබ්බ

    ReplyDelete
  6. විදි දරුවන්ගේ ඉරණම..... මේකද....? ඔයා මේක ලස්සනට ලියලා....

    ReplyDelete