එගොඩ පැලේ පැල් රකිනා
කලුයි උසයි කලු බණ්ඩා
මිනිහා
කලු බණ්ඩා
මෙගොඩ පැලේ පැල් රකිනා
සුදුයි මිටියි සුදු බණ්ඩා
මිනිහා
සුදු බණ්ඩා
සුදු බණ්ඩා
කලු බණ්ඩා හරි නපුරුයි
සුදු බණ්ඩා හරිම හොදයි
මේ දෙන්නා හරි කපටියි
දෙන්නට දෙන්නා තරහයි
දවසක්දා
මේ දෙන්නා
මුණගැහිලා
අම්බලමේ
හරිම ජරමරේ
සුදු බණ්ඩාගේ ගොන් වස්සා
කලු බණ්ඩාගේ ගොයම් කාලා
ගොන් වස්සා
ගොයම් කාලා
කලු බණ්ඩා බණිනවාලු
සුදු බණ්ඩට බනිනවාලු
ඔහේගේ අර ගොන් වස්සා
මගේ හේනට කඩන් ඇවිත්
හේන වැනසුවා
අයියෝ
හේන වැනසුවා
කලු බණ්ඩෝ මේ අහපන්
මං නොදැනයි ඕක වුණේ
ඊයේ ඉදලා හොයනව මං
ගොන් වස්සා ඔහේ නෑ බං
උඹෙ නාඹර ගොන් වස්සා
මගේ හේනම පාලු කරා
ඒ වාඩුව මං ගත්තා
පොඩි නානාට ඌ වික්කා
කලු බණ්ඩෝ කලු බණ්ඩෝ
මොකක්ද බොල මේ කෙරුවේ
මගේ හදයා මස් කෙරුවද
අනේ අපොයි මගේ හදයා
සුදු බණ්ඩෝ මේ අහපන්
ගිය දේ දැන් ගියා නොවැදැ
මින් මතුවට බලා ගනින්
උඹේ සතුන් හොද හැටියට
බලා ගන්නා හැටි කියන්න
උඹ කවුරුද කලුවෝ මට
සුදු බණ්ඩට තරහ ගිහින්
කලු බණ්ඩට බනිනවාලු
අනේ රාලේ සමාවෙයන්
මින් මතුවට ඔය පව්වැඩ
මේ කලුවා කරන්නේ නෑ
සත්තයි කරන්නේ නෑ
කලු බණ්ඩා බය වුනාලු
සුදු බණ්ඩාට බය වුනාලු
මටත් මලේ සමාවෙයන්
මගේ වස්සා බොටත්
බොහොම පාඩු කලා
සුදු බණ්ඩා වදිනවාලු
සුදු බණ්ඩේ අපි දෙන්නා
අපේ පාඩු විද ගත්තා
හනික යමන් ගෙදර බලා
ඉර දෙවියෝ මුදුන් වෙලා
නියමයි වෙනස්ම දෙයක්
ReplyDeleteජයවේවා!!!!
තෑන්කු සහෝ ...........
Deleteබ්ලොග් එක අපේ සින්ඩියටත් දාන්න. පහත ලින්ක් එකෙන් අපේ බ්ලොග් දර්ශකයට පිවිසෙන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
මරුනේ.. මෙහෙම කවි කතාවක් කියෙවුවා මතකයි මම හුඟක් කාලෙකට කලියෙන්.. ලස්සනයි..
ReplyDeleteවෙනස් විදියෙ දෙයක් කාලෙකට පස්සෙ කියෙව්වා. නියමයි! හතර රියන් හා දෙරියන් මතක් උනා.
ReplyDeleteඅළුත් වෙනස නියමයි. ඇත්තටම ලස්සනයි පද ටික.
ReplyDelete//කලුයි උසයි කලු බණ්ඩා// පෙනුම මම වගේ ඩයල් එකක්. :)
අර මං ලියපු හාන්ස්ගේ කතාව මතක් උනා
ReplyDeleteතඩි කළුවයි පොඩි කළුවයි