ඉපදුන දා නුඹ මැණිකක් ලෙසට සිතා
දුක් කරදර වින්දා මා නුඹ රජකම් කරයි සිතා
ලේ කිරි වී නොම එරුනත් පපුව පුරා
පිය සෙනෙහස දුන්නා මගේ දෝත පුරා
දා බිදු වගුරවා නුඹ රැක ගත්තු හැටී
අම්මා නැතුව නුඹ නලවා ගත්තු හැටී
උගතෙකු වෙලා නුඹ ලෝකය දිනුව හැටී
දුප්පත් පියා අමතක කර දැමුව හැටී
මගේ තුරුලේ නැලවී උන් මගෙ පුතු රජවීලා
පිය සෙනෙහස දෝරේ ගලයි තනිකම සිහිවීලා
මහලු මඩමේ මහලු බවට නෑ තනියක් දැනීලා
පුතුනේ ඇවිත් යන්න බැරිද මගේ තනිකම මකාලා





