ඉපදුන දා නුඹ මැණිකක් ලෙසට සිතා
දුක් කරදර වින්දා මා නුඹ රජකම් කරයි සිතා
ලේ කිරි වී නොම එරුනත් පපුව පුරා
පිය සෙනෙහස දුන්නා මගේ දෝත පුරා
දා බිදු වගුරවා නුඹ රැක ගත්තු හැටී
අම්මා නැතුව නුඹ නලවා ගත්තු හැටී
උගතෙකු වෙලා නුඹ ලෝකය දිනුව හැටී
දුප්පත් පියා අමතක කර දැමුව හැටී
මගේ තුරුලේ නැලවී උන් මගෙ පුතු රජවීලා
පිය සෙනෙහස දෝරේ ගලයි තනිකම සිහිවීලා
මහලු මඩමේ මහලු බවට නෑ තනියක් දැනීලා
පුතුනේ ඇවිත් යන්න බැරිද මගේ තනිකම මකාලා
ජය වේවා!
ReplyDeleteස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට ...............
Deleteතාත්තා කෙනෙක් විදිහට හිතට ගොඩක් දැනුනා නංඟි.
ReplyDeleteඔව් අයියේ ,ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට ...............
Deleteහ්ම්ම්ම්ම්..... සිතට වදිනව තදින්ම පිරිමින්ට.......
ReplyDeleteසුපිරි.......
ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට ............... ,
Deleteඅම්ම නම් කිව්වේ මැනලද පුතේ කිරි දුන්නෙ මං නුඹට......
ReplyDeleteඅම්මගෙයි තාත්තගෙයි තියෙන එකම වෙනස ඕක තමා යාලු.............
Delete