මගේ ලේ කිරි කර පොවන්න බෑ පුතුනේ
කුස තුළ දරාන දෝතට ගත්තේ නෑ
පුතුනේ
නුඹට හිත බැදී නුඹ ගෙන ආ දිනයේ
මා රජ වූයෙමි නුඹ හිනහෙන කිරි සිහිනේ
දරුවෙකු කුස තුල දරන්න මා පින් කර නැතුවා
පුතු දුටු දින මා දරු සෙනෙහස දුටුවා
නුඹෙ මෑණියන් මගේ දෝතට නුඹ පිදුවා
හිමි නැති දරු සුරතල් මා ලැබුවා
ළය කිරි එරුනේ නැතත් පුතේ
අම්මා මම වෙමි නුඹ නළවන දෑතේ
පියා සමග සුරතල් වී හිනහෙන තාලේ
මගේම පුතූ වී ඉපදෙන් සසර භවේ
දරුවො නැති අම්මලා… අනේ මන්දා නංගි දුකයි මේවා කියවත්දි.
ReplyDeleteලස්සනයි පද ටික.
ස්තූතියි අයියේ , ඇත්ත තමා මේ කතාව , මං මේක ලිව්වේ මගේ යාලුවෙක් මේ වගේ සිද්ධියකට මූණ දුන්නා , ඒකයි මට මේක ලියන්න හිතුනේ , පව් ඇත්තටම
ReplyDeleteලස්සන කවි පෙළ...
ReplyDeleteස්තූතියි ඔයාට ...........ගොඩක්
Deleteවෙනස් විදියේ සිතුවිල්ලක්...... හුණු වටයේ ග්රේෂා වගේ.....
ReplyDeleteඅද කාලේ ජීවත් වන ග්රේෂා කෙනෙක්ගෙ කතාවක් මේක ............
Deleteසංවේදී කව් සිතුවිල්ලක්....
ReplyDeleteඅනේ මංද..............................................................................................
මගෙත් යාළුවෙක් ඉන්නව මේ වගේ
මොනා කියන්නද කියල හිතාගන්න බෑ
ස්තූතියි අයියේ ............
Deleteඅගෙයි.. හැබැයි තව දුරටත් වචන තුලම ගුලි වෙන්න එපා. වචන වලින් විනිවිද දැකිය හැකි දුරක් රසිකයා රැගෙන යා යුතුමයි... ජය
ReplyDeleteමම එහෙම කරන්නම් , ස්තූතියි කවි කියවන්න ආවට.................
Delete