මොළකැටි අත් පා සලා
කිරිකැටි සුදු මුව අයා
මව් තුරුලේ නැලවෙනා
මගේ පණ සුදු දුව ඔයා
සුදු මුවගින් සිනහ සලාලා
කිරි සිහිනයේ කිරුළ දරාලා
අප්පච්චිට සිහින ගෙනල්ලා
නිදියන් සුදු දුව නැලවීලා
නුඹ දුටුවා ලස්සන සුදු මැණිකක් ලෙසට
පිය සෙනෙහස දැනුනා මගෙ හද පතුලටම
කිරි සිහිනයේ රජකම මගේ දෝතට දුන්න
මැණික නුඹයි සැමදා අපෙ ලොව
දිලෙන
හ්ම්ම්ම්ම් එකම රාමුවකට කොටු වෙනවා වගේ තෙරෙනවා ...
ReplyDeleteජයවේවා!!!!
වෙනස් විදිහකට ලියන්න බලන්නම්
DeleteGood
ReplyDeleteThank You
Deleteඅපිත් මෙදා සැරේ කෙලි පැටික්කියෙක් තමා බලාපොරොත්තු වෙන්නේ . . . හිතේ තියෙන ආදරේ තරම හිතා ගන්න පුලුවන් මේ කවියෙන්ම . . හෙ හෙ හේ . .
ReplyDeleteලස්සන දූ පැටියෙක් ලැබෙන්න කියලා සුභ පතනවා , එත් මං නම් තාම කසාදයක් වත් බැදලා නෑ , අපේ තාත්තා මං ඉපදුන දා ගොඩක් සතුටු වුනාලු , අම්මා අදටත් කියනවා . මට හිතුනා මං ඉපදුන දා මගේ තාත්තටත් මෙහෙම හිතෙන්න ඇති කියලා . ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට ............
Deleteබැන්දා නොබැන්දා හැමදෙනාගේම හිතේ ජීවවත් වෙන දරුවෝ ඉන්නවා . . ස්තූතිය් පැතුමට
Deleteදූ පොඩිත්තක් ඉන්න කෙනෙක්ම තමා ඉතින් ඒකෙ සුන්දරත්වය හොඳටම දන්නෙ.
ReplyDeleteඑහෙම වෙන්න ඕනම නෑ අයියේ , කවියෙක්ට පුලුවන් වෙන්න ඕනා ඒ හැගීම හිතෙන් මවා ගෙන කවිය ලියන්න නේද ?
Deleteමාත් දූ පැටියට ඉස්සර කවි ලිව්වා.…
ReplyDeleteලස්සනයි නංඟි.
දුවට කවි ලියලා තියෙන්නේ ඔයාගේ අත්දැකිමෙන් නෙ අයියේ , මං ලිව්වේ මගේ හිතේ තියෙන හැගිමක් , ස්තූතියි අයියේ .........
Deleteලස්සනයි....... මේ වගේ හැගීමක් බොක්කටම දැනෙන්න ඒ වගේ අත්දැකීමක් ලබන්නම ඕන
ReplyDeleteමං නම් ලිව්වේ කිසිම අත්දැකීමක් නැතිව අයියේ , බොහොම ස්තූතියි කවි කියවන්න ආවට ........
Deleteහැමදම කවිම විතරමද ලියන්නේ..
ReplyDeleteකවි ලියනවා , කතාවක් ලියන්න හිතිලා තියෙන්නේ
Deleteලස්සන සුදු මැණික මගේ.....
ReplyDeleteමුතු කැටයක් වගේ බබෝ.....
මට මේක බැලුවම ඒ ටික මතක් උනා. ලස්සනයි.....
හ්ම් ..... ස්තූතියි නිහි
Delete