මහතුනේ අසා යන්න මගෙ කතාව
අම්මෙක් අප්පෙක් නැති මේ පුතුගෙ
කතාව
හිනාවෙලා පුංචි කටින් කියන කතාව
කාසි ටිකක් දමා යන්න අසා කතාව
ඉපදුන දා මා පාරට දැමුවලු
මගෙ අම්මා
මා පාරට දමන තුරුම තැලුවලු
මගෙ අප්පා
දරු සෙනෙහස අදුරන්නේ නැතිවලු ඒ දෙන්නා
මහ පාරේ දමා ගියෙ අසරණ පුතු පැටියා
මගෙ තනියට මහ පාරයි හිස් අහසයි මාත් එක්ක ඉන්නේ
කන්න බොන්න නැති හින්දයි මගෙ දුක කවි කෙරුවේ
මගෙ වයසේ පොඩි දරුවන් අම්මා එක්ක යන්නේ
මං විතරද මගෙ අම්මට එපා වෙලා ඉන්නේ
සංෙව්දී කවියක්....
ReplyDeleteමට මතකයි මේ කවියට සමාන අදහසක් තියෙන අසංක ප්රියමන්තගෙ සිංදුවක් තියෙනව.... සද හාමිනේ ඇල්බම 1... මට සිදුව මතක නෑ.... හැබැයි වීඩියෝමාර්ට් එකේ තියේ
1.ගොලුදරුවෙ උනා කියලා අනේ අම්මේ මාව
Delete2. අනේ මහත්තයො අරගෙන ආවට් දානේ
කියන දෙකෙන් එකක් වෙන්න ඔනි. හැබැයි මේක නම් මගේ අදහසක් . ස්තූතියි කවි රස බෙදා ගන්න ආවට මේ පැත්තේ
මට මේ වගේ සිංදුවක් මතක් වුණා ..
ReplyDeleteඑකේ අවසානෙට ...අපේ කතාව වගේ ..උඩ කවීයේ තාලේ තියෙනවා එත් මෙකෙ තෙරුම නෙවෙයි මතක හැටියට ..
ලස්සනයි ..
ජයවේවා!!!!!
මේක ලියද්දී මගේ හිතේ හිටියෙ පාරක කන්න සල්ලි ටිකක් හොයා ගන්න සිංදු කියන ලමයෙක් .මේක මම කොහෙන්වත් කොපි කලේ නම් නෑ , ස්තූතියි ඔයාගේ අදහසක් මගේ කවියට එක් කලාට ..............
ReplyDeleteමාවතේ දරුවෙකුගේ ගීතයක්..... ලස්සනයි...
ReplyDeleteස්තූතියි නිහි අදහසක් දාන්න මේ පැත්තට අවාට .................
Deleteඅවංකවම දුකයි නංගි. මෙහෙම ළමයිගෙ අනාගතේ ගැන හිතත්දිත් දුකයි. ඒත් මඩේ නෙළුම් මළුත් පිපෙනවද?
ReplyDeleteඔව් අයියේ , මේ මං දවසක් ඉස්පිරිතාලේ යද්දි දැකපු දෙයක් , ගොඩක් ස්තූතියි කවි පෙල කියවන්න මෙහෙට ආවට ...............
Deleteමාවත් වල දරුවෝ ගැන කතා කරන්න කොච්චර දේවල් නම් තිබුනත් ඒ හැම කතාවක්ම අතරමග නැවතිලා.. ලස්සනයි කවි පෙල..
ReplyDeleteමාවත් වල ඉන්න ලමයි දැක්කහම හිතෙන්නේ අපේ රටේ අනාගතේ සුන්දර එකක් නෙමෙ කියලා , මේ කවි පෙල ඒ ලමයින්ට උපහාරයක්ම වෙන්න ඕනා.ස්තූතියි අදහසක් දාන්න එකතු උනාට ..........
Delete