දෛවය සරදම් කළ තරම
ආදරයත් හිමි නෑ මෙමට
සිහිනෙන් මට පෙනෙනා ඔබව
හිමිවෙන්නේ නැතිදෝ සසර
ගත සිත දුබලව මිලාන වී යනවා
අවසන් මොහොතේ ඔයාව සිහිවෙනවා
ඔය ලස්සන රුව මගේ සිත කළඹනවා
පියවෙන නෙත් යුග කදුලින් තෙත් වෙනවා
මියයන හදවත ඉකිබිදිනා හඩ අහගෙන ඉන්න
කවුරුත් නෑ මට මගෙ හදවත පුද දුන්න
සිත තුළ ඉන්නේ ඔබ පමණයි මා දන්න
සිතුවිල්ලකි ඔබ කිසිදා මට
හමු නොවුන
ලස්සනයි පද ටික දුක කියන එක පද වලට පෙරලන එකත් ලොකු දක්ෂ කමක් /
ReplyDeleteජයවේවා!!!!!!
ස්තූතියි අයියේ
Deleteහැබැයි ඉතිං මේ කවි ටික කියෙව්වම කුමාරයෝ හොයාගනෙ ඒවි සූ ගාලා.. ඔව් ඉදගෙන...
ReplyDeleteහිටගෙන අවොත් එහෙම අවුල් ද දන්නෙ නෑනේ :D
Deleteඉදගෙන එන්නෙ කොහොමැයි දේශෝ?? :)
Deleteදේශා කියන්නෙ අබ්බගාතයෙක් ගැන බන්සලා......
Deleteපවූ.......මේ ළමය......දේශා කිව්වොත් කියන්නෙ අවකැපෙන ටෝකක්...
හිටගෙන හරි ඉදගෙන හරි එන්න කුමාරයෙක් නැති එකනේ මෙතන තියෙන අවුල අයියේ .......
Deleteපඹ කුමාරයෙක් හිටියා අපේ හේනේ එවන්නෙයි...
Deleteපඹයා හොදයි මිහිමත කොල්ලන්ට වඩා
Deleteකවදා හරි ඔහු හමු වේවි…!! අනිවාර්යයි. එතෙක් නොසැලී ඉන්න……
ReplyDeleteබ්ලොගේ වෙනස් කරලා නොවැ. ලස්සනයි දැන්. :)
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඒ දෑසම් මා සොයන තරම් ......... ටිකක් වෙනස් කරන්න හිතුනා අයියේ බ්ලොග් එක , ස්තූතියි
Deleteවෙලාව ආවම හමුවේවි.. ඉවසන් ඉන්න දරුවා..
ReplyDeleteමගේ වෙලාව එච්චර හොදයි කියල මන් නම් හිතන්නෙ නෑ අයියේ
Deleteලස්සන අදහසක්...
ReplyDeleteජයවේවා!!
ස්තූතියි ඔයාට....
Deleteඔහොම හොටු පෙරන්නෙ නැතිව කරන්න නම් වැඩ තිබෙනව ......
ReplyDeleteඕන්නම් කියල දෙන්නම්....
කියන්නකෝ බලන්න අයියේ ..... මැරෙන්න කලින් ආදරය කරන්නත් එපැයැ .........
Delete\\සිතුවිල්ලකි ඔබ කිසිදා මට හමු නොවුන //
ReplyDeleteදැන් පෝලිමේ එන්න ගත්තමනෙ වැඩේ.
අදයි මෙහෙට ආවෙ.. සුබ පතනවා ඔබේ නිර්මාණ දිවියට.
එහෙම් එයි කියලා මට නම් සුවර් එකක් නෑ , ඔයා ආපු එකට නම් ස්තූතියි , දිගටම මාලතිමල් නෙලන්න එන්න කියලා ආරාධනා කරනවා .
Deleteමනෝමය ප්‍රේමයක්....... ලස්සනයි.....
ReplyDelete