කුසතුළ දරා දස මස් දුක් විදි අම්මා
ලේ කිරි පොවා බඩගිනි නිව්වා අම්මා
වැටුන විටදි අල්ලා ගත් අම්මා
සංසාරෙම ඔබ පතනවා මම අම්මා
ලියන්න බෑ ඔබේ ගුණ කඳ නිමක් නැති
දරු පෙම ගලයි ඔබේ පපුවෙන් නොපෙන් නති
දහඩිය සුවඳ පතුරා මුලු මහත් ගති
උතුම්ම් පිය පදවිය ඔබ දරා ඇති
දිවියම් එලිය කල හිරු සදු දෙදෙන
මව්පිය ගුණය සැමදා හද ලග රැදුන
පෙන්වා ජය කණුව දිවියම සරු කරන
බලා හිදි දිනනා තුරු ලෝකයම
හ්ම්ම්ම්,, අම්මා තාත්තා ගැන ලියලා ඉවරකරන්න බැහැ ,රෝසී ..
ReplyDeleteමලක් ලස්සනට සුවදට පිපෙන්නේ ගහයි වැලයි හොද නම් නෙ අක්කේ....
Deleteඅම්මා තාත්තා කියන දෙන්නගෙආදරයට සම කල හැකි ආදරයක් මේ ලෝකෙ ඇතී කියලා මාත් හිතන්නෑ නංගි.
ReplyDeleteපද ටික ලස්සනයි.
හැමදාමත් මෙහෙට ඇවිත් දිරියි දෙන්න .............
Deleteමාලතී මල් තව පිපෙන්න...........
අම්ම තාත්ත කියන්නෙ සදාකාලික ආදරයෙ නොවෙනස් සලකුණ මගේ හැගීමෙ හැටියට අනෙත් අයට වෙනත් අදහස් තියෙන්න පුලුවං ඒත් මට නං හිතෙන්නෙ ඒමයි.
ReplyDeleteබොරුවටද කියන්නෙ
අතේ සතේ නැතත් පුතේ කියයි අම්ම මගේ කියල
අවන්හලෙන් මෙහි ආවා
Deleteමාලති මල් පිබිදෙව්වා
කවියක ගුණ දොස් කිව්වා
මාලති මල් තුති පිදුවා
හඩේ මාත් ලිව්වා ...එත් මාර කට්ටක් කාලා ලිව්වේ ..අම්මා ගැන තමා ලියන්න අමාරුම උනේ ..මම නම් කවි ගැන වැඩිය දන්නෙ නෑ එත් එල
ReplyDeleteමාත් මේ කවි ලිව්වම තමා , ගොඩක් ස්තූතියි මාලති මල් නෙලන්නට ආවට සහෝ ..........
Delete