Wednesday, January 29, 2014

උපහාර වේවා මේ කවි මල් පොකුර ඔබලාගේ කදුලට ...........................












කුසතුළ දරා දස මස් දුක් විදි          අම්මා 
ලේ කිරි  පොවා බඩගිනි නිව්වා    අම්මා 
වැටුන විටදි අල්ලා ගත්                අම්මා 
සංසාරෙම ඔබ පතනවා මම          අම්මා 
                                                       
      

ලියන්න බෑ  ඔබේ  ගුණ   කඳ නිමක්          නැති 
දරු පෙම  ගලයි ඔබේ පපුවෙන් නොපෙන් නති 
දහඩිය සුවඳ පතුරා මුලු මහත්                      ගති
උතුම්ම් පිය පදවිය ඔබ දරා                            ඇති 


















දිවියම් එලිය කල හිරු සදු දෙදෙන 
මව්පිය ගුණය සැමදා හද ලග රැදුන 
පෙන්වා ජය කණුව දිවියම සරු කරන 
බලා හිදි දිනනා තුරු ලෝකයම   

8 comments:

  1. හ්ම්ම්ම්,, අම්මා තාත්තා ගැන ලියලා ඉවරකරන්න බැහැ ,රෝසී ..

    ReplyDelete
    Replies
    1. මලක් ලස්සනට සුවදට පිපෙන්නේ ගහයි වැලයි හොද නම් නෙ අක්කේ....

      Delete
  2. අම්මා තාත්තා කියන දෙන්නගෙආදරයට සම කල හැකි ආදරයක් මේ ලෝකෙ ඇතී කියලා මාත් හිතන්නෑ නංගි.

    පද ටික ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හැමදාමත් මෙහෙට ඇවිත් දිරියි දෙන්න .............
      මාලතී මල් තව පිපෙන්න...........

      Delete
  3. අම්ම තාත්ත කියන්නෙ සදාකාලික ආදරයෙ නොවෙනස් සලකුණ මගේ හැගීමෙ හැටියට අනෙත් අයට වෙනත් අදහස් තියෙන්න පුලුවං ඒත් මට නං හිතෙන්නෙ ඒමයි.
    බොරුවටද කියන්නෙ
    අතේ සතේ නැතත් පුතේ කියයි අම්ම මගේ කියල

    ReplyDelete
    Replies
    1. අවන්හලෙන් මෙහි ආවා
      මාලති මල් පිබිදෙව්වා
      කවියක ගුණ දොස් කිව්වා
      මාලති මල් තුති පිදුවා

      Delete
  4. හඩේ මාත් ලිව්වා ...එත් මාර කට්ටක් කාලා ලිව්වේ ..අම්මා ගැන තමා ලියන්න අමාරුම උනේ ..මම නම් කවි ගැන වැඩිය දන්නෙ නෑ එත් එල

    ReplyDelete
    Replies
    1. මාත් මේ කවි ලිව්වම තමා , ගොඩක් ස්තූතියි මාලති මල් නෙලන්නට ආවට සහෝ ..........

      Delete