Friday, March 7, 2014

අම්මා නැත තවම ඇවිත් …………………..


අක්කේ ටිකක් එන්නකෝ 
කැලැන්ඩරේ ගන්නකෝ 
අම්මා එන දින
මට පවසන්නකෝ.. 

එකයි දෙකයි තුන හතරයි 
ඔයා දන්නේ මේ ඩිංගයි 
අම්මා එන්නට නංගියේ 
දහයේ ඒවා තව බොහොමයි 

දිනෙන්  දිනේ ගෙවී ගිහින් 
කැලැන්ඩරේ  දින ඉවරයි 
පැතුම් අපේ පීරී ගියත් 
අම්මා නැත තවම ඇවිත් 

4 comments:

  1. //එකයි දෙකයි තුන හතරයි
    ඔයා දන්නේ මේ ඩිංගයි//

    රත් වෙන්නම වැදුනා මේ ටික

    ReplyDelete
  2. එන දවසට අම්මා...
    සන්තෝසේ නෑ නිම්මා
    ඈ කවදා දැයි එන්නා
    ඈ දින දින ගැන්නා...

    අපූරුයි

    ReplyDelete
  3. ඔයත් ලියන්න තියෙන ටික සරල භාෂාවෙන් හිතට වදින්නම ලියන්න් දන්නවා. අන්න ඒකයි වටින්නෙ නංඟි.

    ReplyDelete
  4. අනේ මන්දා ළමයෝ , මේවා හිතනකොට හිත කීරි ගැහෙනවා. ඔයාගේ සරළ ලියවීමේ රටාවට මම කැමතියි.

    ReplyDelete