Tuesday, April 1, 2014

කටු මැටි අතු පැල...................












කටු මැටි අතු පැල  හඩා වැටෙනවා 
තරු මල් අහසින් බිමට වැටෙනවා 
අම්මා සිහිවී කදුලැල් එනවා 
දුප්පත් පැල අපෙ තනිය මකනවා 

නංගි මල්ලී කිරට හඩනවා 
හදහාමි අපෙ පැලට එබෙනවා 
උණු කදුලැලි රැ සීත මකනවා 
බඩගින්නේ අපි නින්දට යනවා 

හිමිදිරියේ කුසගිනි ඇහැරෙනවා 
දවසක් ගෙවන්න සටන් කරනවා 
මත් රකුසා පිය සෙනෙහෙ නසනවා 
පින්වත් මහතුනි පිහිටක් වෙනවා 

8 comments:

  1. තාත්තල කුඩු බොද්දි ළමයින් කීදෙනෙක් බඩගින්නේ නිදියනවද? පොත් නැතුව ඉස්කෝලේ යන්න නැතිව ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. eka thama , mage sinhala type poddak awul gihin , Thank You very Much Read My Blog.

      Delete
  2. මේ වගේ ජීවිත කොච්චරක් මේ මහ පොළවෙ දිවි ගෙවනවා ඇත්ද? :(

    ReplyDelete
  3. ලස්සන අදහසක් රෝශිකා

    ReplyDelete
  4. ලස්සනයි රෝෂිකා....

    ReplyDelete
  5. මෙහෙම මිනිස්සු අපේ සමාජයේ තැනක නැතුවමත් නෙමෙයි හැබැයි..

    ReplyDelete
  6. ඔබට සංවේදි තැන් ස්පර්ශ කිරීමේ මනා හැකියාවක් තියෙනවා.. ජය වේවා..

    ReplyDelete
  7. CASINO HOTEL in NV - Hendon Mob Hotel & Casino
    CASINO HOTEL 창원 출장샵 in NV. 제주 출장샵 View 창원 출장마사지 maps, reviews and find deals for CASINO HOTEL in Henderson 당진 출장샵 NV, including fully refundable rates with free cancellation. 고양 출장마사지

    ReplyDelete